සිතිජ ඉමේ හිරු සැගව යද්දී
අප හමුවුවා වෙරළ ඉමේ
දියරැළි සේ නුඹ දොඩමලු වුවා
මා සිටියේ මුනිවත රකිමින්
මිලාන හිරු රැස් නුඹ ගත වසලා
නුඹ සිටියේ සෙව්වන්දියක ලෙසින්
අකීකරුව කෙස් සුළගේ රැගුවා
නුඹේ සිනා හඩ එලිය කරන්
ජීවන සයුරේ එගොඩක් දක්නට
වන්නෙද නුඹ මට රුවල ලෙසින්
No comments:
Post a Comment